News

UNP අපේක්ෂකයා දයා ගමගේ

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳව වාර්තා වන තොරතුරු වලට අනුව අපේක්ෂකත්වය තේරීම ඊලඟ සඳුදා දිනයට කල් තබා ඇති බව අසන්නට ලැබේ.

කෙසේ වෙතත් සජිත්, කරූ අතර තරඟයක් දක්නට ලැබේවි යැයි බොහෝ දෙනා අපේක්ෂා කළද එක්සත් ජාතික පක්ෂයේ ආරංචි මාර්ග වලින් දැන ගන්නට ලැබෙන නවතම තොරතුරු වලට අනුව පක්ෂය විසින් අලුතින් නම් කරන්නට නියමිත අපේක්ෂකයා වන්නේ ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා වය. එම තොරතුරු වලට අනුව පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට ඉතාම හිතවත්ව කටයුතු කරන දයා ගමගේ මහතාගේ නම යෝජනා කිරීමට නියමිතය.

එක් අතකින් ගෝටාබය රාජපක්ෂගේ ඇමරිකන් පුරවැසිභාවය පිළිබඳව ගැටලුකාරී තත්වයක් පවතින මොහොතක සහ දේශපාලනික හෝ අන්තර්ජාතික වශයෙන් වැඩි පිලිගැනීම නොමැති සජිත් ප්‍රේමදාස අසරණව ඇති මොහොතක පරිපාලනමය සහ ව්‍යාපාරික ඥානය අතින් අනූන දයා ගමගේ මැතිතුමා වැනි වැඩක් කල හැකි සුවිශේෂී චරිතයක් රටේ මුල් පුටුවට පත්වීමට එතරම් ආයසයක් මැතිවරණයක නොදැරිය යුතු බව බහුතර මතයයි… එක්සත් ජාතික පක්ෂයෙන් එතුමා ඉදිරිපත් වුවහොත් පහසුවෙන් ජයගත හැකි බවට මේ වන විට මත ඉදිරිපත් වෙමින් පවතී.

පසුගිය වසර කීපය පුරාවට දයා ගමගේ මහතා විසින් පක්ෂය වෙනුවෙන් සහ පාක්ෂිකයින් වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් ඉටු කළ අතර පක්ෂය අමාරු වකවානු වලදී පක්ෂය වෙනුවෙන් උර දී කැපවුනු නායකයෙකි. එමෙන්ම සිය අමාත්‍යාංශය විෂයන් යටතේ ජනතා සේවයටම කැපවුනු පුද්ගලයෙකි.

දේශපාලන විචාරකයින්ට අනුව 59 හැවිරිදි දයා ගමගේ මහතා දේශපාලනයට පැමිණ ඉතා සුලු කාලයකින් ඉමහත් ජනතා ප්‍රසාදයට පත්වූ ජන නායකයෙකි. එය ඉතා දීර්ඝ කාලයක් දේශපාලනයේ නිරත ඇතැම් දේශපනකයින්ටත් වඩා ඉදිරියෙන් සිටිය හැකි තත්වයකි.

එම දේශපාලනික විචාරකයින්ට අනුව, පවතින තත්ව යටතේ එලඹෙන ජනාධිපතිවරණයකදී දයා ගමගේ මහතා ඉදිරිපත් වුවහොත් විරුද්ධ පක්ෂ අපේක්ෂකයින් පහසුවෙන් පරාජය කර මැතිවරණය ජයගත හැකි අතර ශ්‍රී ලංකාව තිරසාර සංවර්ධනයක් කරා මෙහෙවිය හැකි නායකයා බවට පත්වීම නොවැලැක්විය හැකි වන බවය.

ඔවුන් විසින් පෙන්වා දෙන්නේ පසුගිය ජනාධිපතිවරණ සියල්ලේ දීම අවසාන මොහොතේ නම් කරන කිසිවෙකුවත් නොසිතන අපේක්ෂකයෙක් පත්කිරීම මත වැඩි ජයග්‍රහණයක් ලැබීමේ සම්භාවිතාවක් පවතින බවයි. එමෙන්ම මැතිවරණ කොමිසමක් විසින් ඡන්දය ප්‍රකාශ කරන මොහොත වන විට ඉදිරිපත්වන අපේක්ෂකයා රටින් පිට දී දේශපාලන නායකයින් සමඟ සාකච්ඡා කොට මෙරටට නැවත පැමින නාම යෝජනා බාර දීම ඒ සෑම අවස්තාවකම සිදූ බව ඔවුන් පෙන්වා දුන්හ. 2010 සහ 2015 ජනාධිපති මැතිවරණ වලදී දේශපාලන සාකච්ඡා බහුතරය පැවැත්වුනේ රටින් පිටතදීය. මේ වන විට එය සිදුවන බව වැඩි දුරටත් ඔවුන් පවසන ලදී.

කෙසේ වෙතත් මේ පිලිබඳව අප විසින් කළ සොයා බැලීමකදී දැන ගන්නට ලැබුනේ අමාත්‍ය දයා ගමගේ මහතා මේ වන විට විදෙස් ගතව ඇති බවකි.

මිට පෙර අවස්ථා කීපයකදිම දයා ගමගේ මහතා විසින් මේ සම්බන්ධයෙන් ඉගි පළකර තිබීමද විශේෂත්වයකි.

අරලියගහ මන්දිරයේ පැවැති සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 5000 ක් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය අවස්ථාවේදී එතුමා මුදල් අමාත්‍යංශය සම්බන්ධයෙන් සිදුකල ආන්දොලානාත්මක ප්‍රකාශයද, එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තුල සිදු කල ඇතැම් ප්‍රකශයන්ද නිසා මේ කරුණ බොහෝ විට සත්‍ය වන්නට ඉඩ ඇති බව පෙනී යයි.
මේ අනුව බලන විට පෙනී යන්නෙ වඩාත් තීව්‍රව ඇති ජනාධිපතිවරණ සටනේ එකසත් ජාතික පක්ෂ අපේක්ෂකත්වය හිමි වීමේ වැඩි ප්‍රවණතාවයක් ඇත්තේ අමාත්‍ය දයා ගමගේට බවයි.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × four =

සබැඳි ලිපි

Back to top button
Close