News

කරූ සහ සජිත් දෙපාර්ශවය ප්‍රතිපත්තිමය ගැටුමකට අවතීර්ණ වෙති.

වෙබ් සටහන | කාවින්ද හෙට්ට්ගේ විසින්

• විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න සජිත් එකඟ නෑ . හෙටත් ප්‍රෙස් එකක් තියන්න.. සජිත් සටනට සුදානම් වෙයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (16) එජාප කණ්ඩායම හමුවූ අවස්ථාවේ ප්‍රකාශ කලේ ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධ වන කමිටු තීරණය අනූව එජාප අපේක්ෂකයා නම් කරනා බවයි.

• සිරස සහ මහරාජාගේ කොන්ත්‍රාත්තුව

අග්‍රාමාත්‍යවරයගේ තීන්දුව සම්බන්ධයෙන් නොසතුටට පත්වූ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කරන කණ්ඩායමේ සිටින සජිත් පිළේ සාමාජිකයන් පස් දෙනෙකු හදිසියේම රැස්වී අද රාත්‍රියේ (17) මාද්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර ඇත.

මෙහිදී ඔවුන් සිරස ආයතනයේ කිළී මහරාජාව සම්බන්ධ කරමින් ප්‍රකාශ කොට ඇත්තේ දෙරණ සහ හිරු නාලිකා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාව ඔසවා තැබූ ලෙසම සිරස මාද්‍ය ජාලය උපයෝගී කරගමින් දිනපතාම සජිත් ප්‍රේමදාසව ඔසවා තැබිය යුතු බවයි.

එජාපයේ නියෝජ්‍ය නායකයන් දෙදෙනාගෙන් කෙනෙකු වන සජිත් ප්‍රේමදාසට මහත මාධ්‍ය හමුවක් පැවැත්වීමේ දී තම පක්ෂ මූලස්ථානය වන සිරිකොත භාවිතා කිරීමට කිසිදු අවහිරතාවයක් නොතිබියදී පවා මෙකී මාධ්‍ය හමුව කොළඹ 7 ස්ටැන්මෝ ක්‍රෙසන්ට්හි පිහිටි අමාත්‍ය මංගල සමරවීර ගේ නිල නිවසේ දී පැවැත්වීම පාක්ෂිකයාට හුදෙක් ප්‍රශ්ණාර්ථයක් දණවන බව අප සමඟ අදහස් ප්‍රකාශ කළ ජේෂ්ඨ එ.ජා.ප. දේශපාලඥයෙකු ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කල් මර මර නොසිට නම් කරන්නැයි ඉල්ලමින් ඊයේ සජිත් ප්‍රේමදාස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට ලිපියක් යොමු කර තිබිණ. ඒ සඳහා අවශ්‍ය නම් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රහස් ඡන්දයක් පවත්වන්නැයි ද එමඟින් ඔහු ඉල්ලා තිබිණ.

• මංගලගේ අමුතුම සාදය සහ ඇම

මේ අතර සජිත් ප්‍රේමදාස එජාප ජනාධිපතිවරණ අපේක්ෂකයා කිරීමේ මෙහෙයුම්කරුවකු වන මුදල් ඇමති මංගල සමරවීර විසින් කොළඹ ස්ටැන්මෝ ක්‍රෙසන්ට් හි තම නිල නිවසේ දී සිවිල් සමාජ සාමාජිකයන් වෙනුවෙන් අද (17) රාත්‍රී භෝජන සංග්‍රහයක් ද සූදානම් කර තිබේ. මෙහි අරමුණ සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා සිවිල් සමාජ සංවිධානවල සහය ලබා ගැනීමය.

කඩිමුඩියේ මෙම රාත්‍රී භෝජන සංග්‍රහය සූදානම් කර ඇත්තේ ඉරිදා එනම් සැප්තැම්බර් 15 දින සිවිල් සමාජය අග්‍රාමාත්‍යවරයා හමුවී සාකච්ඡා කිරීම නිසා බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සිවිල් සමාජ සාමාජිකයෙක් ප්‍රකාශ කළේය. ඒ අවස්ථාවේදී සිවිල් සමාජය අග්‍රාමාත්‍යවරයාට පවසා ඇත්තේ මේ අවස්ථාවේ හෝ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කරන ලෙසය.

එම යෝජනාව ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර පාර්ලිමේන්තුවේදෙ 2/3 බහුතරයකින් සම්මත කර ජනමතවිචාරණයක් වෙත යොමුකිරීමට අපහසු බැවින්, ජනාධිපතිවරණය ජයගැනීම සඳහා පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී බලවේග සියල්ල එකතු කළ හැකි සහ ජනාධිපති ධුරය අහෝසි කිරීමට කැපවීමක් දක්වා ඇති අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන ලෙසය.

මෙම ප්‍රවෘත්තිය මාධ්‍යවල පළවීමත් සමගම කලබල වූ සජිත් ප්‍රේමදාස මංගල සමරවීර අමතා මේ පිළිබඳව විමසා ඇත. සජිත් ප්‍රේමදාස මහතාට සිවිල් සමාජයේ සහය අරගෙන දෙන බවට පොරොන්දු වී සිටි මංගල සමරවීර මෙහිදී කියා ඇත්තේ හැකි ඉක්මණින් සිවිල් සමාජය රැස්කරවා ඔවුන්ගේ සහයෝගය සජිත් ප්‍රේමදාසට ලබා දෙන බවයි.

මෙහිදී අමාත්‍ය මංගල සමරවීරට දෝෂාරෝපණය කර ඇති සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර ඇත්තේ විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමක් සම්බන්ධයෙන් කිසිසේත්ම සිවිල් ක්‍රියාකාරකයින් සමඟ එකඟතාවයකට නොපැමිණෙන ලෙසයි. තවද තමන්ට කිසිඳු අවස්ථාවක විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට අවශ්‍යතාවයක් නොමැති බවද ඔහු අවධාරණය කොට ඇත.

• කරූගේ ප්‍රජාතන්ත්‍රවාදය ගුණය..

තත්වය මෙසේ තිබියදී කතානායක කරූ ජයසූරිය මහතාට ජනාධිපතිධූර අපේක්ෂකත්වය සඳහා නොයෙක් පාර්ශව මඟින් ඉල්ලීම් යොමුවී ඇත.මේ සම්බන්ධයෙන් මාද්‍ය නිවේදනයක් නිකුත් කළ කතානායකවරයා සඳහන් කළේ තමන් අපේක්ෂකත්වයට තෝරා ගන්නේ නම්, තමන් විධායක ජනාධිපති ධූරය අහෝසි කර දමන බවයි.

මේ අනුව සජිත් ප්‍රේමදාස මහතා සහ කරූ ජයසූරිය මහතා අතර ද්වන්ද ප්‍රතිපත්තිමය ගැටුමක් ඇතිවී ඇති බව වටහා ගැනීම අමාරු නොවනු ඇත.

විශේෂ ස්තූතිය – ලංකා ඊ නිවුස්

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen − nine =

සබැඳි ලිපි

Back to top button
Close