News

සාකච්ඡා නැවතත් අසාර්ථකයි. පක්ෂය තුළ කුමන්ත්‍රණ නොකරන ලෙස රනිල් අවවාද කරයි.

රෙජී වෙත්තසිංහ

ඊයේ දිනයේ (10) එක්සත් ජාතික පක්ෂ නායකත්වය සහ සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවය අතර, ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පැවති සාකච්ඡා අසාර්ථක අයුරින් නිමා විණි  . මෙහිදී සජිත් ප්‍රේමදාස පිළ නියෝජනය කරමින් පැමිණි සිටි අමාත්‍ය කබීර් හෂීම් සහ අජිත් පී. පෙරේරා සහ මලික් සමරවික්‍රම යන තිදෙනා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දැඩි දෝෂ දර්ශනයට ළක් වී ඇති බව අප වෙත දැණගන්නට ලැබිණි.

මෙම සාකච්ඡාව ආරම්භයේ පටන්ම දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන තිබූ අතර, උද්වේගකාරීව අදහස් දැක්වූ කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරාට අග්‍රාමාත්‍යවරයා විසින් තරයේ අවවාද කරමින් කියා ඇත්තේ පක්ෂය දෙකඩ කරවන බළවේග වලට උඩගෙඩි දෙමින්, ඔක්තෝබර් කුමන්ත්‍රණය නැවත උඩට ගැනීමට දායකත්වය නොදක්වන ලෙසත්, එසේ කරමින් තමන්ට අවවාද කිරීමට කිසිසේත්ම සූදානම් නොවන ලෙසත් ය.

තවද , තමන්ගේ එකම විධානයකින් සියලු දෙනාගේම තනතුරු ගැළවී යා හැකි බවත්, එසේ වුවහොත් සියලු දෙනාටම නිවෙස් වල සිට විවේක පාඩුවේ කාලය ගෙවිය හැකි බව අග්‍රාමාත්‍යවරයා දැඩි ප්‍රකාශ කර ඇති බවයි විශ්වාසවන්ත ආරංචි මාර්ග අප වෙත තහවුරු කළේ..

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිවරණයක් නම් කර නොමැති අවස්ථාවක අපේක්ෂකත්ව පුවරු එල්ලාගෙන රට වටේ යෑමට කිසිසේත්ම අවශ්‍ය නොවන බවයි. තවද තමන් පක්ෂයේ නායකයා සහ රටේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් නිසි කළට නිවරදිම තීන්දුව ගන්නා තෙක් ඉවසන ලෙසද අග්‍රාමාත්‍යවරයා පැමිණි මන්ත්‍රීවරුන්ට තරයේ අවවාද කරඇත.

කෙසේනමුත්  සාකච්ජාව අවසාන වී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා  පැවසුවේ ඉතා සුහදව සාකච්ජාව පැවැත්  වූ අතර ඉදිරි දින කිහිපය තුළ හොඳ ප්‍රතිපලයක් ලැබෙනු ඇති බවයි. එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජාතික පෙරමුණ සහ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් දෙදෙනා සාකච්ජා කළ බව ප්‍රේමදාස මහතා මෙහිදී මාද්‍යවේදීන් වෙත ප්‍රකාශ කළා.

ජනාධිපති අපේක්ෂකත්වයට තමන් පත්කරන ලෙස අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කළේද යන්න පිළිබඳ මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු දෙමින් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ කිසිදු ඉල්ලීමක් හෝ බැගෑපත් වීමක් සිදුනොවුණු අතර, සිදුවී ඇති යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් පමණක් සාකච්ජා කළ බවයි.

කෙසේවෙතත් වැඩිකල් යාමට පෙර වෙනත් මාතෘකාවකට මාරු වීමේ අවස්ථාව නිර්මාණය වනු ඇති බවද අමාත්‍යවරයා මෙහිදී මාද්‍යවේදීන් වෙත ඉඟි පළ කළා.

වීඩියෝව –

 

• සජිත්ට වඩා කරූ ප්‍රජාතන්ත්‍රවාදී ගති ලක්ෂණ වලින් හෙබි අවංක නායකයෙක්..

මේ ජනාධිපතිවරණය ඇතැම්හු කියන ආකාරයට තවම දිනා අවසන් නොමැති බවත් එක්සත් ජාතික පක්ෂයේ කරු ජයසුරිය මහතාත් පොදු ජන පෙරමුණෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාත් මේ අවස්ථාවේ ඉහළින්ම තරඟ කරමින් සිටින බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සිසිර පින්නවල මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ අන්තර් විශ්ව විද්‍යාල විද්වතුන්ගේ සංසදය මඟින් “ඉදිරි ජනාධිපතිවරණය පිලිබඳ කරන සමීක්ෂණ වාර්තාව” පැහැදිලි කිරිම සඳහා පවත්වනු ලැබු මාධ්‍ය හමුවකදීය. මෙය අද (10) රාජගිරිය පිහිටි සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාර කාර්යාලයේදි පැවැතිවිණි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක් වු මහාචාර්ය සිසිර පින්නවල මහතා සඳහන් කර සිටියේ කරු ජයසුරිය මහතා සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියේදි ප්‍රබල බවත්ය. සජිත් ප්‍රේමදාස මහතා සිටින්නේ තෙවැනි ස්ථානයට බවත් මැතිවරණය තවම තීන්දු වී අවසන් නොමැති බවත් මෙය තාම සටනක් බවත් පැවසීය.

“මේ සමීක්ෂණයේ ප්‍රධානතම අරමුණ වුයේ දැන් ඇති ප්‍රවණතාවය හඳුනා ගැනිමයි. එකක් කියනවා අපි කොහොමත් දැන් අපේ පක්ෂය දිනලා තියෙන්නේ. ඒත් දිනපු ප්‍රතිශතය තමා දන්නේ නැත්තේ කියන එක. මේක තමා මට මේ සමීක්ෂණය කරන්න ප්‍රධාන හේතු වුණේ මේ කථාව කොච්චර දුරට ඇත්තද කියලා බලන්න.

මේ සඳහා මම 2015 සහ ඊට පෙර තිබු මැතිවරණයන් වල ප්‍රතිඵළ විශ්ලේෂණය කළා. ඒක එක්තරා විදිහකින් මගේ විනෝදාංශය. 2015 ඡන්ද ප්‍රතිඵළ අධ්‍යනය කරද්දි පෙනී ගියේ අපි හිතන තරම් පැහැදිලි හිතන තරම් ජයග්‍රහණයක් ඒ පක්ෂයට නැහැ කියලා. ඒක වෙන්න බැරි දෙයක්. ඒ නිසා කළ යුතු දෙයක් තමා මේ ගැන සමීක්ෂණයකුත් කරලා බලන එක කියලා මට හිතුනා. ඒ වෙනකොටත් පක්ෂ දෙකකින් ජනාධිපති අපේක්ෂකයෝ ප්‍රසිද්ධ කරලා තිබුණා. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් වගේම එක්සත් ජාතික පක්ෂයෙන් නම් කරලා තිබුණේ නැහැ.

නමුත් එක්සත් ජාතික පක්ෂයෙන් නම් දෙකක් කථා වුණා. ඒ කරු ජයසුරිය මහතා හා සජිත් ප්‍රේමදාස මහත්තයා ගැන. ඉතිං අපිට මෙහිදි උපකල්පනයන් වලට යමින් මේ සමීක්ෂණයට යන්න වුණා…”යැයිද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × 2 =

සබැඳි ලිපි

Back to top button
Close