News

සජිත් ප්‍රේමදාස කල්ලිය දිනෙන් දින පක්ෂ විනය කඩ කරමින් අත්තනෝමතිකව වැඩ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මේ පක්ෂය අගාධයටම ඇද වැටෙනවා..

පක්ෂ ජේෂ්ඨයන් සජිත් ගැන අප්‍රසාදයෙන් පසුවෙති | සටහන - කාවින්ද ගමගේ

• සාකච්ඡා අසාර්ථකයි. සජිත් රනිල්ට කොකා පෙන්වයි..

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස අතර අද (08) පැවැත්වීමට නියමිතව තිබූ තීරණාත්මක සාකච්ඡාව දින නියමයක් නොමැතිව කල් දමා ඇත. මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු පැවසුවේ එම විශේෂ සාකච්ඡාව ලබන අඟහරුවාදා තෙක් කල් දමා ඇති බවයි.

එයට හේතු වශයෙන් ඔහු සඳහන් කර ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාගේ අධික කාර්යබහුලත්වයත් එයට හේතු වී ඇති බවයි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ,

” එදිනට අපි දැනට අපි සතුව තියෙන සමීක්ෂණවල වාර්තා රනිල් වික්‍රමසිංහට අපි භාර දෙනවා.  කොහොමත් අපි ඉස්සරහට තිබ්බ අඩිය පස්සට තියන්නේ නෑ. ගහන්න ගහන්න වඳින මිනිහත් මෝඩයා. වඳින්න වඳින්න ගහන මිනිහත් මෝඩයා. ඒ නිසා අපි ගහනකල් බලන් ඉන්නෙත් නෑ. තවදුරටත් වඳින්න සූදානමකුත් නෑ. රනිල් නාමයෝජනා නොදුන්නොත් අපි අනිවාර්යයෙන්ම දෙවන පියවරක් ඉදිරියට තියෙනවා.. ” යනුවෙන්ද සඳහන් කළා.

• පසුපෙළ මන්ත්‍රීවරුන් දමා නායකත්වය ප්‍රසිද්ධියේ විවේචනය කරවන සජිත් පක්ෂයට කරන හානිය..

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස නම් කිරීමට එම පක්ෂ පළාත් පාලන නියෝජිතයින් ඊයේ යෝජනාවක් සම්මත කරගත්තා. ඒ, කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ඊයේ (07) පැවති එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන නියෝජිත සමුලුවේදීයි.

මෙම සමුලුවට එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් ද එක්ව සිටීම විශේෂත්වයක්. මෙම සමුලුව අමතමින් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, අග්‍රාමාත්‍යවරයාගෙන් මෙලෙස ඉල්ලීමක් කළා. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරියට තැබූ අඩිය කිසි සේත් ආපස්සට ගන්නේ නැති බවයි. අද ජනතාව ඉල්ලනවානම්, රට ඉල්ලනවානම් මටත් අයිතියක් තියෙනවා මේ අවස්ථාව පක්ෂයට ලබා දෙන්න කියන සාධාරණ අයිතිවාසිකම. ඒක එහෙම ලබා දෙන්නෙ නැත්නම් අපි ඒක ගන්න හැටිත් දන්නවා..” යි ප්‍රකාශ කළා.

• සජිත් කියන්නෙ තනිකරම හීනමානයෙන් පෙළෙණ පිස්සෙක්. මේ මිනිහා පක්ෂය නැති කරලම දානවා – ෆොන්සේකා සජිත්ට දෙහි කපයි

මෙහිදී අමාත්‍යවරයාගේ මෙම කතාව දේශපාලන විශ්ලේෂකයන් සහ එ.ජා.ප. ජේෂ්ඨ ප්‍රභලයන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වුණා. මෙහිදී අමාත්‍ය සරත් ෆොන්සේකා මාද්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ සඳහන් කළා..

” ජනාධිපතිවරණයක් කැඳවා නොමැති අවස්ථාවක මුහුදට හත් ගව්වක් තියල අමුඩ ගහන්නෙ පිස්සොම විතරයි. සජිත් කියන්නෙත් ඒ වගේ පිස්සෙක්. මේ මිනිහා මේ ගාම්භීර පක්ෂයට කරන හානිය කොච්චරද කියල කාටවත් තේරෙන්නෙ නෑ. අග්‍රාමාත්‍යවරයා මෙච්චර නම්‍යශීලී වෙලා සජිත්ට සාකච්ඡා සඳහා දිනයක් වෙන් කරල දුන්නම, මිනිහ කළේ බොරු කාර්‍යබහුලත්වයක් මවාගෙන ඒව මඟහැරපු එක විතරයි. සජිත් කියන්නෙ තනිකරම පාලු ගෙයි වළං බිඳින, කිසි පෞර්ෂත්වයක්වත් නැති හීනමානයෙන් පෙලෙන හාදයෙක්..” යැයි ප්‍රකාශ කළා.

 

• අග්‍රාමාත්‍යවරයා සුපුරුදු පරිදී තවම සන්සුන්..

ඉදිරි වසර 05 ඉලක්ක කරගනිමින් යාපනය දියුණු කිරීම සඳහා නව සංවර්ධන සැලසුමක් ක්‍රියාවට නංවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. යාපනය නගරශාලා ගොඩනැගිල්ල ඉදි කිරීම සඳහා මුල්ගල තැබීම ඊයේ (07) සිදුවූයේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්.

යාපනය කොටුවේ පැවැත්වෙන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය ද අග්‍රාමාත්‍යවරයාගේ නිරීක්ෂණයට මෙහිදී ලක් වුණා. අනතුරුව යාපනය නගරසභා පිටියේ පැවති ජන හමුවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළා.

” ගොඩක් අය මේ වෙනකොට ජනාධිපතිවරණයට සූට් මහගෙන ලංකාව වටේ දුවනවා. නමුත් ජනාධිපතිවර්ණයක් කැඳවා නොමැති අවස්ථාවක අපේක්ෂකයෙක් ගැන ප්‍රකාශ කරමින්, රට වටේ දුවන්න මට අවශ්‍යතාවයක් නෑ. මේ හැමෝටම ඕන බලය විතරයි. ඒත් ඒ වෙලාවත් අරගෙන මම මේ රට දියුණු කරන්න උපාය මාර්ග සකස් කරනවා. අපේ පක්ෂය ඇතුලෙ යම් කිසි විනයක් තිබෙනවා. මේ දිනවල ඇතැමුන් කරන අත්තනෝමතික ක්‍රියා නිසා, පසුපෙළ ඉන්න මන්ත්‍රීවරුන්ගෙ විනයත් නැති වෙනවා. මේ අය පක්ෂයට කරන්නෙ ලොකු හානියක්. ඒක ඉස්සරහට හැමෝටම තේරෙයි..” යි ප්‍රකාශ කළා..

• ආණ්ඩුකාර සුරේන් ,රනිල් ගැන පැහැදීමෙන් කතා කරයි..

මෙම ජන හමුවට එක්වෙමින් උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් ද අදහස් පළ කළා. ඉදිරි ජනාධිපතිවරණයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බව තමන් මාධ්‍ය ඔස්සේ දැනගත් බවත්, ඒ පිළිබඳ තමන් සතුටු වන බවත් ඔහු එහිදී කියා සිටියා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පැමිණීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය ද තවත් ශක්තිමත් වනු ඇති බවයි, උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් වැඩිදුරටත් සඳහන් කළේ.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 − twelve =

සබැඳි ලිපි

Back to top button
Close