News

පක්ෂයේ නායකයා ලෙස මෙවර ජනාධිපතිවරණයේ සම්පූර්ණ වගකීම මා ගන්නවා. නායකයා ලෙස මගේ තීන්දුවට විරුද්ධ වන ඕනෑම අයෙකුට පක්ෂයෙන් යන්න පුලුවන් | අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරයි

මෙවර ජනාධිපති අපේක්ෂකයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හැර අන් කිසි කෙනෙකු නොවන බව ජේෂ්ඨයන් හරහා දන්වයි.

 

ඉදිරි ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් වන බවත් තමා සමග එක්‌වීමට අකමැති අයට දේශපාලන තීන්දුවක්‌ ගත හැකි බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත්දින (06 වැනිදා) අරලියගහ මන්දිරයේදී පැවැති පක්‌ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ හමුවේදී පැවසුවේ යෑයි අමාත්‍ය ලක්‌ෂ්මන් කිරිඇල්ල මහතා මාද්‍ය හමුවේ ප්‍රකාශ කළේය.

මෙම හමුවට අගමැතිවරයා සමඟ ලක්‌ෂ්මන් කිරිඇල්ල, කබීර් හෂීම්, අකිල විරාඡ් කාරියවසම්, ගාමිණී ජයවික්‍රම පෙරේරා, ජෝන් අමරතුංග, රවි කරුණානායක, දයා ගමගේ, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන්ද සහභාගි වී ඇත.

මෙහිදී අග්‍රාමාත්‍යවරයා ඔවුන් සමඟින් ප්‍රකාශ කර ඇත්තේ විනයක් සංයමයක් නොමැති කිසිම පක්ෂයකට දිගුකාලීන ගමනක් නොමැති බවත්, නායකත්වයේ වගකීම් කිසිවකුට බලෙන් පටවාගෙන ගමනක් යාමට නොහැකි බවත් ය. එහිදී රැස්ව සිටි පිරිස අමතමනින් අග්‍රාමාත්‍යවරයා දාඩි ලෙස අවධාරණය කර ඇත්තේ තමන් මෙතෙක් පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් ක්‍රියා කළද දිගින් දිගටම යම් පිරිසක් එය කඩකරන්නේ නම් තමන් ඔවුන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීමට දෙවරක් නොසිතන බවයි.

එ. ජා. ප. නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මෙම සාකච්ඡාවට සහභාගි වී නොමැති අතර ඔහු නියෝජනය කරමින් ඇමැතිවරුන් වන කබීර් හෂීම්, මලික්‌ සමරවික්‍රම සහ රංජිත් මද්දුමබණ්‌ඩාර යන මහත්වරුන් සහභාගි වී ඇත.

සාකච්ඡාව ආරම්භයේදීම අගමැතිවරයා සඳහන් කර ඇත්තේ තමාට බිම්මට්‌ටමේ මෙන්ම පක්‍ෂයේ සෑම තරාතිරමකම සහයෝගය ඇති බැවින් පක්ෂයේ නායකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සම්පූර්ණයෙන්ම වගකිමක් සහ අයිතිවාසිකමක් ඇති බවය.

එක්‌සත් ජාතික පක්‍ෂයේ මෙන්ම එක්‌සත් ජාතික පෙරමුණේ ද සුළු පක්‍ෂවල ද සහයෝගය තමාට ලැබී ඇති බැවින් පක්‍ෂ නායකයා ලෙස තමා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බව සඳහන් කර ඇති අගමැතිවරයා මේ සම්බන්ධ යෝජනාව පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්‌ඩලයට ඉදිරිපත් කළ පසු ඕනෑම අයකුට ඒ සම්බන්ධව තීරණයක්‌ ගත හැකි බව ද කියා ඇත.

මෙහිදී අග්‍රාමාත්‍යවරයා ඔවුන් සමඟින් අවධාරණය කර ඇත්තේ තුන්වන පාර්ශවයක් මඟින් එ.ජා.ප. ය දෙකඩ කරවන සැළස්මක් තිරය පිටුපස සිට ක්‍රියාත්මක කරනා බවත්, ඒවාට හසු නොවී පක්ෂයේ ප්‍රතිපත්තීන් ආරක්ෂා කරගමින් ඉදිරි සැළසුම් ක්‍රියාත්මක කිරීමට සහයෝගය ලබා දෙන ලෙසත් ය.

මෙම සාකච්ඡාව අවසානයේදී දෙපාර්ශ්වයම තීරණය කර ඇත්තේ පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු පමණක්‌ හමුවී යම් එකඟතාවකට පැමිණිය යුතු බවය. ඒ අනුව හෙට (08 දා) සවස ඔවුන් දෙදෙනාගේ හමුවක්‌ කොළඹදී පැවැත්වීමට නියමිතය.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eight − 2 =

සබැඳි ලිපි

Back to top button
Close