News

අර්ජුන් මහේන්ද්‍රන්ට නියත වශයෙන්ම දඬුවම් ලබාදිය යුතුමයි | ඇමති රවී අවධාරණය කරයි

වරදකරුවන්ට අනිවාර්යයෙන් දඩුවම් ලබාදිය යුතුමයි. අපට නීතියට ඇඟිලි ගහන්න බැහැ. ඒ නිසා නීතිය කාටත් සාධාරණව ක්‍රියාත්මක වියයුතුයි  | රවී  කරුණානායක 

” අපි සෑම අවස්ථාවකම ඡන්දයක් සදහා සූදානමින් තමයි සිටින්නේ. ඒ නිසා අළුතින් වෙනම සූදානමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය පැවැත්වීමට සිදුවෙනවා. අගමැතිතුමා මේ වනවිට විදේශීය නිල සංචාරයක නිරතවෙලා සිටිනවා. එතුමා පෙරලා දිවයිනට පැමිණීමත් සමගින් එ.ජා.ප. යෙන් අළුත් ආරංචියක් ලැබෙනවා කියලා. අපි කොහොමත් කවදත් දෙන්නේ අළුත් දේවල් තමයි. ඔවුන් එසේ අදහස් කරන්නේ එ.ජා.ප. ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන්. අපි තවම අපේ අපේක්ෂකයා නම් කරලා නැහැ. නිසි වේලාවට සුදුසු පුද්ගලයෙක් අපි ඉදිරිපත් කරනවා. සපත්තු දාලා මේස් දාන්නේ නැහැනේ. අන්න ඒ වගේ තමයි මේ වැඩකට නැති කලබලය. තවම ජනාධිපතිවරණය සදහා සූදානමක් නැතිවත්, අපේක්ෂකයා ගැන කලබල වෙලා. එක්කෙනෙක් දෙන්නෙක්ට මෙහෙම හදිස්සියක් තිබුණට, අපි නිසි වේලාවට රටට ආදරය කරන, රට ගැන කැක්කුමක් තියෙන, පක්ෂයේ ජ්‍යෙෂ්ඨ පුද්ගලයෙක් අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කරනවා” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ කෝට්ටේ රාජමහා විහාරයේ පැවති උත්සව අවස්ථාවකට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු සපයමිනි. මෙම විහාරස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන පෙරහැර මංගල්‍යයට සමගාමීව විහාරස්ථානයට ස්ථීර විදුලි ආලෝක පද්ධතියක් ලබාදීම, මෙහිදි විෂයභාර අමාත්‍යවරයා අතින් සිදුවිය.

මාධ්‍යට වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා ..,

උදය ගම්මන්පිල මහතා කියනවා අර්ජුන් මහේන්ද්‍රන් ලෝකේ කොහේ උන්නත්, එතුමන්ගේ පාලනයක් යටතේ ඔහුට දඩුවම් දෙනවා කියලා. ඔව්.. එහෙම වියයුතුයි. වරදකරුවන්ට අනිවාර්යයෙන් දඩුවම් ලබාදිය යුතුයි. රටේ යම් නීතිමය රාමුවක් පවතිනවා. ඒ යටතේ එක්කෙනෙක්ට දෙන්නෙක්ට නොවෙයි, වරදකරුවන් සියල්ලන්ටම දඩුවම් ලබාදීය යුතුයි. මේ රජය යටතේ ඒ ආකාරයෙන් වරදකරුවන්ට දඩුවම් දීම ප්‍රමාද වුණා. ඊට හේතුව තමයි මේ රටේ ක්‍රියාත්මකවන නීතියේ පවතින ස්වභාවය. අපිට නීතියට ඇගිලිගහන්න බැහැ. ඒ නිසා නීතිය සාධාරණව ක්‍රියාත්මක වියයුතුයි” යැයි පැවසීය.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × four =

සබැඳි ලිපි

Back to top button
Close