News

එජාපෙ ජනපති අපේක්ෂකයා නම් කරන දිනය ගැන චම්පිකගෙන් ඉඟියක්

ලබන 06 වනදා පැවැත්වෙන සාකච්ඡාවේදී එක්සත් ජාතික පෙරමුණ ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් පවතින ගැටළුවට විසදුමක් ලබා ගැනිමට කටයුතු කරන බව පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා පවසයි.

එලෙසම ඔහු පවසන්නේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව අනාවරණ නොකිරීම එක්සත් ජාතික පෙරමුණු පාක්ෂිකයින්ට කරන අසාධාරණයක් බවයි.

පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.

කෙසේ හෝ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා තෝරා පත් කරන බව මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා පවැසීය.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 − fifteen =

Back to top button
Close