News

ස්වයං විනයක් නොමැතිව තම පක්ෂය සහ නායකයා අමතක කර තනිව ගමනක් යන අයට කිසිම ඉඩක් ලබාදෙන්නේ නැහැ

ස්වයං විනයක් නොමැතිව තම පක්ෂය සහ නායකයා අමතක කර තනිව ගමනක් යන අයට කිසිම ඉඩක් ලබාදෙන්නේ නැහැ | ඇමති රවී කරුණානායක අවධාරණය කරයි

ගාල්ල හික්කඩුව සීනිගම දේවාලයේ ප්‍රධාන භාරකාරවරයාගේ ආරාධනාවක් මත අද දින විදුලිබළ බළශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා සීනිගම දේවාලයට පැමිණියා. මෙහිදී ප්‍රධාන වශයෙන් අමාත්‍යවරයාගේ අධීක්ෂණය මත ආලෝකකරණය කරන ලද දේවාල පරිශ්‍රය එතුමන්ගේ සුරතින් ජනතා අයිතියට පත් වුණා. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

” හැමවෙලේම අපි ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන නිසා අපේ පක්ෂ අභ්‍යන්තරයේ කිසිම ගැටළුවක් නැහැ. අපි යන්නේ ඉතාමත් ශීලාචාර දේශපාලන ගමනක්. වසර 25 ක් තිස්සෙම මගේ මතය වූයේ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි යන්නයි. මෙතෙක් තිබූ සෑම ඡන්දයකටම අපි යන්නේ මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕන කියලා හිතලා. නමුත් අදටත් ඒක කරන්න බැරි වුණා. එක්සත් ජාතික පක්ෂය මේ වනවිට අභ්‍යන්තරය තුළ තිබෙන සියලු දේ සම්බන්ධයෙන් වඩාත් එකමුතුව කටයුතු කරනවා..

අපි තීන්දුවක් අරගෙන තියෙන්නේ, සැමදෙනාම එකතුවෙලා එළඹෙන මැතිවරණ ජයග්‍රහණය කරනවා කියලා. ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන නිසා කව්රු මොනවා කිව්වත් අපේ පක්ෂ අභ්‍යන්තරයේ කිසිම ගැටළුවක් නැහැ..”

යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, රවී කරුණානායක මහතා අවධාරණය කළේය

මෙහිදි වැඩිදුරටත් මාධ්‍ය ඇමතූ අමාත්‍ය කරුණානායක මහතා ..,

” මේ දිනවල අගමැතිතුමා සහ ජනාධිපතිතුමා අතර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වෙනවා කියලා ප්‍රචාරයක් තිබුණත් මම ඒ සම්බන්ධයෙන් දැනුවත් නැහැ. මොකද මට මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා බොරු කියල වීරයෙක් වෙන්න ඕන නෑ. අවසානයේ රටට හොඳ දෙයක් වෙනව නම් එච්චරයි….

ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් එ.ජා.ප.යේ කිසිම ගැටළුවක් කැහැ. අපි යන්නේ ඉතාමත් ශීලාචාර දේශපාලන ගමනක්. ඒ නිසා නිසි වේලාවට අපේක්ෂකයාව හෙළි කරන්නම්. රටක මෙන්ම පක්ෂයකටත් විනයක් අවශ්‍යයි. විනයක් නැති තැන කිසිම කර්තව්‍යයක් නිසි පරිදි සිදුවන්නේ නැහැ. ඒ නිසා තමයි රට තුළ පොලීසියක්, යුධ හමුදාවක් ඇති කර තිබෙන්නේ. පක්ෂයක් තුල විනයක් නොමැතිවූ විට යම් විනයක් නැති අශීලාචාර පුද්ගලයින් තම පක්ෂය මෙන්ම පක්ෂයේ නායකයා පවා අමතක කර කටයුතු කරනවා. එවැනි විනය කඩවන අවස්ථා සම්බන්ධයෙන් අපි යම් තීන්දුවක් ගත යුතුයි” යැයි පැවසීය.

 

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × five =

සබැඳි ලිපි

Back to top button
Close