News

ගල් අඟුරු ටෙන්ඩරයෙන් රුපියල් බිලියනයක් රටට ඉතුරු කළ අමාත්‍යවරයා කියන කතාව | Exclusive news

තමන් මේ වසරේ ලබාගත් අවසන් ගල් අඟුරු ටෙන්ඩරයෙන් රුපියල් බිලියනයක මූල්‍ය ඉතිරියක් රටට අත්පත් කර දුන්නේ යැයි විෂයභාර අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කළා. ඒ මහතා මේ බව සඳහන් කාලේ ඉකුත්දා කැඳවා තිබූ මාද්‍ය හමුවකදීය. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා ,

” විදුලි නිෂ්පාදනය වෙනුවෙන් සිදු කරනු ලබන ගල් අඟුරු මිලදී ගැනීම් තුලින් පසුගිය වාරයේ (2018/2019) සිදුකල අවසන් මිලදී ගැනීම් වලට වඩා මෙවර (2019/2020) වෙනුවෙන්වන ටෙන්ඩරය තුළින් ගල් අඟුරු මෙට්‍රික් ටොන් එකක් වෙනුවෙන්, ඩොලර් 18.42 ක ලාභයක් හිමිකර ගැනීමට හැකිවූ” බව විදුලිබල. බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

” ගල් අඟුරු විදුලි නිෂ්පාදනය වෙනුවෙන් අවශ්‍ය අමුද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පවසන මූල්‍ය වංචාවන් සහ වෙනත් අක්‍රමිකතා පිළිබදව පසුගිය වකවානුව තුලදී අසන්නට ලැබුණ බවත්, ඒ අනුව මෙම කටයුත්ත රටේ විදුලි නිෂ්පාදනය වෙනුවෙන් සිදුකළ යුතු අත්‍යාවශ්‍යය කටයුත්තක් වන බැවින්, ජාතික ධනය අපතේ නොයන ආකාරයෙන්, පූර්ණ විනිවිදභාවයක් තුළින් සිදුකිරීමට තමා දැඩි තීරණයකට පැමිණි බවත් ” විෂයභාර අමාත්‍යවරයා පවසයි.

” ඒ අනුව මෙම ගල් අඟරු ආනයනය කිරීමේ ක්‍රියා පටිපාටිය තමාගේ පූර්ණ අධීක්ෂණය සහ උපදෙස් මත සිදුවන බවත්, ඒ අනූව ගිය වාරයේ (2018/2019) පෙබරවාරි මස අවසාන ටෙන්ඩරයට වඩා 2019/08/16 වන දින පැවති ටෙන්ඩරය (2019/2020) මෙට්‍රික් ටොන් 1ක් සදහා ඩොලර් 18.42 ක මිල අඩුවකට ලබාදීමට හැකියාව ලැබී ඇති බවත් පවසන විෂයභාර අමාත්‍ය රවී කරුණානායක මහතා, ඒ අනූව 2019/2020 වාරයේ පලමු ටෙන්ඩරයෙන් පමණක් රුපියල් බිලියනයකට ආසන්න මුදලක් (රු. 992,966,940/=) රටට ඉතිරි කිරීමට හැකියාව ලැබී ඇති අතර සුපුරුදු පරිදි 2019/2020 වාරය සඳහා සැප්තැම්බර් මාසයේ සිට ගල් අඟුරු ගෙන ඒම සදහා අවශ්‍ය සියළු කටයුතු සැලසුම් කර ඇති බවද” වැඩිදුරටත් පවසයි.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 − seventeen =

සබැඳි ලිපි

Back to top button
Close