News

අපේක්ෂකත්වය ලබා ගැනීම වෙනුවෙන් සජිත් අදින අලුත්ම තුරුම්පුව | Exclusive News

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමේ අරමුණින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කිරීමට ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් 05 දෙනකු යෙදවීමට සජිත් පේ‍්‍රමදාස මහතාගේ පාර්ශ්වය තීරණය කර ඇත.

ඒ අනුව එජාප හිටපු සභාපති මලික් සමරවික‍්‍රම, වත්මන් සභාපති කබීර් හෂීම්, රංජිත් මද්දුම බණ්ඩාර, මංගල සමරවීර, රවීන්ද්‍ර සමරවීර යන ඇමැතිවරුන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සමග අද (30දා) සාකච්ඡාවක නිරතවනු ඇතැයිද වාර්තාවේ.

මුදල් ඇමැති මංගල සමරවීර මහතාගේ නිවසේදී පෙරේදා (28දා) රාතී‍්‍ර පැවැති විශේෂ සාකච්ඡාවේදී සජිත් පේ‍්‍රමදාස මහතා ඇතුළු කණ්ඩායම මේ තීරණය ගෙන ඇත.

ඊට අමතරව සජිත් පේ‍්‍රමදාස මහතාට පක්ෂය තුළ මෙන්ම මන්ත‍්‍රී කණ්ඩායම තුළද බහුතර කැමැත්ත ඇති බව පෙන්වීම සහ පේ‍්‍රමදාස මහතාගේ ඉදිරි ප‍්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වී තිබේ.

මේ අතර මංගල සමරවීර මහතාගේ නිවසේදී සජිත් හිතවාදීන් රාතී‍්‍ර භෝජනයකට සහභාගි වෙමින් ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා කරද්දී ඇමැති රවී කරුණානායක මහතාගේ නිවසේදීද පෙරේදා රාතී‍්‍ර විශේෂ භෝජන සංග‍්‍රහයක් පවත්වා ඇත. මෙරට සිටින විදේශ තානාපතිවරුන් සඳහා එම භෝජන සංග‍්‍රහය පවත්වා ඇති අතර අගමැති රනිල් වික‍්‍රමසිංහ සහ ඇමැති රාජිත සේනාරත්න යන මහත්වරුන් ඊට සහභාගි වී තිබේ.

මේ සඳහා විදේශ තානාපතිවරුන් විශාල පිරිසක් ද සහභාගි වූ බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මෙහිදී සියලු දෙනා ඉදිරියේ අදහස් දක්වා ඇති අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කර ඇත්තේ පක්ෂය විසින් අපේක්ෂකයෙකු හෝ රට තුළ ජනාධිපතිවරණයක් කැඳවා නොමැති අවස්ථාවක පක්ෂයේම ඇතමුන් මුහුදට හත් ගව්වක් තියා අමුඩය ගසන්නේ ඇයිද යන්න තමන්ට නොතේරෙන බවයි. එය පක්ෂයේ සම්ප්‍රදාය මෙන්ම, පක්ෂයේ සමඟියද අඩාල කරන්නක් පමණක්ම බව වැඩිදුරටත් අදහස් දක්වමින් කරුණානායක මහතා අග්‍රාමාත්‍යවරයා වෙත ප්‍රකාශ කර ඇත.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 + seventeen =

සබැඳි ලිපි

Back to top button
Close