News

කොරියානු තාක්‍ෂණයෙන් ආරම්භ කරන ලද ඩිප්ලෝමා පාඨමාලා සදහා වැඩහල් සිසු අයිතියට පත්කිරීම අදයි.

කොරියානු තාක්‍ෂණයෙන් ආරම්භ කරන ලද NVQ 5 / 6 ඩිප්ලෝමා පාඨමාලා සදහා වැඩහල් සිසු අයිතියට පත්කිරීම අද (28) සිදු කිරීමට නියමිතය.

කාර්මාන්ත හා වාණිජ කටයුතු දිගුකාලීන අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු 28 වන දින ප.ව 03.00 ට ගම්පහ යක්කල වැරැල්ලවත්ත කාර්මික විද්‍යාල පරිශ්‍රයේදී සිදු මෙම විවෘත කිරීම කෙරේ.

මෙම අවස්ථාවට කාර්මාන්ත හා වාණිජ කටයුතු දිගුකාලීන අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු සහ නිපුණතා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා, නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ඇතුළු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේනතු මැති ඇමැතිවරු ඇතුළු ආරාධිතයින් රැසක් සහභාගි වීමට නියමිතය.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × three =

Back to top button
Close